මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්බිමට අහිමි වූ කීර්තිය කණ්ඩායම් එකමුතුවත් දිනාගමු - සංචාරක හා ක්‍රීඩා ඇමැති

    ජනවාරි 23, 2015
    මව්බිමට අහිමි වී ගිය කීර්තිය යළි අත්පත් කරගැනීම සඳහා එකමුතුව එකසිත්ව කණ්ඩායම් හැඟීමෙන් ක්‍රියා කළ යුතු  වන බවත් නව ක්‍රියාකාරී ආකෘතියකට අනුගතව අමාත්‍යාංශ දෙකක් එකම නිවහනකට ගෙන එමින් ඉතා දැඩි ලෙස නිත්‍යනුකූල පාලනයකට නතු කිරීමට වත්මන් දේශපාලන තත්ත්වය යටතේ වගබලා ගැනීමට වගකිව යුතු රජයක් ලෙස ක්‍රියා කරන බවත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුවය.
     
    මව්බිමට අහිමි වී ගිය කීර්ති නාමය දේශ-දේශාන්තරයේ අතික්‍රමණය කිරීමට  බුද්ධිමත් නැණවත් නිලධාරීන් පිරිසක් රාජ්‍ය සේවයේ සිටින බවත් මෙම ගමන යාමට ඔවුන් හොඳ නායකත්වයක් සපයනු ඇතැයි තමා විශ්වාස කරන බවත් පැවසීය.
     
    "ශ්‍රී ලංකාව ක්‍රීඩාවේ තෝතැන්නක් හෝ සංචාරක නිකේතනයක් ලෙස චිත්‍රයක් මැවීමට මේ වනවිටත් අපට නොහැකි වී තිබෙනවා. මට අවශ්‍ය මෙම ක්ෂේත්‍ර දෙකම වඩාත් ආකර්ශනීය ලෙස ලෝකයා වෙත ගෙනයාමටයි. අප එය සාක්ෂාත් කරගැනීමට නම් කණ්ඩායම් හැඟීමෙන් ක්‍රියා කළ යුතු වෙනවා".
     
    "1996 වසර අපිට අමතක නොවන වසරක්. ඒ අපි ක්‍රිකට් ලෝක ශූරයන් වූ නිසා. අපට වඩා පහසුකම්වලින් මෙන් ම බලවත්කමින් යුතු ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව පවා පැරදවීමට හැකිවුණේ එදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පැවති ප්‍රබල කණ්ඩායම් හැඟීම නිසයි. යළිත් එවැනි තත්ත්වයක් උදාකිරිමට අප සියලු දෙනා එක්වී ක්‍රියාකළ යුතුයි".
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ දැක්ම අනුව ශ්‍රී ලංකාව ලොව විශිෂ්ටත ම සන්නාමයක් බවට පත්කිරීම මෙන් ම සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යංශය ද විශිෂ්ටත ම සන්නාමයක් බවට පත්කළ යුතු බවත් නවීන් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya