අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සමඟ පවත්නා සබඳතා සම්බන්ධයෙන් චීනයේ පූර්ණ විශ්වාසය

    ජනවාරි 20, 2015
    ශ්‍රී ලංකාව සමඟ පවත්නා සබඳතා සම්බන්ධයෙන් චීනය පූර්ණ විශ්වාසයෙන් පසුවන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක හුං ලේ මහතා (Hung Le) පවසයි.
    ශ්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා චීන ජනාධිපති ෂී ජිං පිං මැතිතුමා (Xi Jinping) වෙත එවා ඇති  පණිවුඩය මඟින් මේ බව සනාථ කර ඇතැයි ඔහු තවදුරටත් පැවසීය. චීනය සමඟ ආරම්භ කර ඇති ප්‍රධාන ව්‍යාපෘති සියල්ල ඉදිරියට ගෙන යන බවත් විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කරන බවත් එම පණිවුඩයේ සඳහන් වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
     
    ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ සහ රජයේ චීනය පිළිබඳ ව වන ධනාත්මක ආකල්පයට චීනය ඉහළ වටිනාකමක් දෙන බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක හුං ලේ මහතා පැවසීය.
     
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පණිවුඩයෙන් ද්විපාර්ශවික උපාය මාර්ගික සහයෝගීතාව ඉදිරියට ගෙනයාමට ජනාධිපතිවරයා තුළ ඇති කැපවීම පෙන්නුම් කරන බවත්, එමෙන් ම චීනය සමඟ පවතින ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව පමණක් නොව චීන ආයෝජන සඳහා ද ඵලදායී තත්ත්වයක් නිර්මාණය කිරීමට ඇති කැමැත්ත ද ඉන් පිළිඹිඹු වන බව හුං ලේ මහතා තවදුරටත් පැවසීය.
     
     
    චීන ශ්‍රී ලංකා සබඳතා දීර්ඝ කාලයක් තිස්සේ පවතින්නකි. දෙරටේ ජනතාවගේ අවශ්‍යතා හා අපේක්ෂා අනුව බහු විධ සබඳතාවක් ඒ අනුව ගොඩනැගෙනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් අවධාරණය කළේය.
     
    CRI/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya