මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    7 වැනි බෞද්ධ මහා සමුළුව 2017 දී ශ්‍රී ලංකාවේ

    දෙසැම්බර් 18, 2014

    ජපානයේ ඔසාකාහි කෝබේ නගරයේ රොයල් ග්‍රෑන්ඩ් හෝල් බෞද්ධ විහාරයේ විහාරාධිපති ආචාර්ය අතිපූජ්‍ය ක්‍යුෂ් එන්ෂින්ජෝ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ හයවැනි මහා බෞද්ධ සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් නියෝජනය කරමින් කථානායක චමල් රාජපක්‍ෂ මහතා සහභාගී විය.


    ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් විසින් ඒ වෙනුවෙන් නිකුත් කරන ලද නිල නිවේදනය ද චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලදී. එයින් ප්‍රකාශ වූයේ මීළඟ බෞද්ධ මහා සමුළුව 2017 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා කැමැත්ත පළ කිරීමයි.


    සමුළුවට රටවල් 41ක උත්තරීතර පැවිදි සහ ගිහි බෞද්ධ නායකයින්, එක්සත් ජාතීන්ගේ කීර්තිමත් පුද්ගලයින්, රාජකීය පවුලේ සාමාජිකයින්, රාජ්‍ය නායකයින්, රටවල් 22ක රාජ්‍ය දූතයින් ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේදී මෙම සමුළුව පැවැත්වීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සමුළුවට සහභාගී වූ සියලු දෙනාම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ කථානායක චමල් රාජපක්‍ෂ මැතිතුමා වෙත සිය ප්‍රසාදය පළ කළහ.


    පුරා දින හතරක් (2014.12.08 සිට 11 දක්වා) පැවැති මෙම බෞද්ධ සමුළුවේදී, බුදුරාජාණන් වහන්සේගේ ඉගැන්වීම සහ පංචශීල ප්‍රතිපත්ති ඒ ඒ රටවල් ප්‍රායෝගිකව යොදා ගන්නා ආකාරය පිළිබඳ අත්දැකීම් බෙදා හදා ගන්නා ලද අතර ලෝක සාමය සහ මනුෂ්‍ය වර්ගයාගේ යහ පැවැත්ම උදෙසා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද ගැඹුරින් අධ්‍යයනය කරන ලදි.

     

    HC

    6th Buddhist summit Kobe city Japan

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya