මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ධීවරයන් නිදහස් කිරීම ගැන ජනපතිට පැසසුම්

    නොවැම්බර් 20, 2014

    ශී‍්‍ර ලංකාවේ දී මරණීය දණ්ඩනය නියම වූ ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට ගත් කි‍්‍රයාමාර්ගය පිළිබඳ ව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය සුබ‍්‍රමනියම් ස්වාමි මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාටත්, ශී‍්‍ර ලංකා ජනාපධිති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් සිය කෘතඥතාව පිරිනමා තිබේ.

     

    ඔහු නිදෙව්නයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙය දෙරටේ නායකයන් ඒකාබද්ධ ව ගනු ලැබු උත්සාහයක් බවයි.

    ඊයේ (19) මෙම නිවේදනය නිකුත් කරමින් ආචාර්ය සුබ‍්‍රමනියම් ස්වාමි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දු - ශී‍්‍ර ලංකා සබඳතා තවදුරටත් තර කර ගැනීමට ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා අවධානයෙන් පසුවන බවයි.


    මරණ දඬුවම නියම වී සිටි ඉන්දීය ධීවරයින් පස්දෙනා ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ඊයේ නිදහස් කර තිබේ.

    ජනාධිපති සමාව යටතේ මෙම ධීවරයන් නිදහස් කළ අතර නිදහස් කෙරුණු ධීවරයින් බන්ධනාගාරයේ සිට විගමන නිලධාරීන් වෙත භාර කර ඇත.

    කොළඹ මහාධිකරණය පසුගිය ඔක්තෝබර් 30දා මෙම ධීවරයන් පස්දෙනාට මරණ දඬුවම නියම කළේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන් කරමිනි.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya