අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉබෝලා මර්දන සටනට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 285ක්

    නොවැම්බර් 19, 2014

    ගිනියාව, ලයිබීරියාව හා සියෙරා ලියෝන් යන රටවල පැතිර යන ඉබෝලා වෛරසය මර්දනය සඳහා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් ලබා දෙන බව මීට පෙරාතුව නිවේදනයක් නිකුත් කළ අතර එහි කොටසක් ලෙස ඩොලර් මිලියන 285ක් ලබා දීමට අනුමත කළ බව ෂිංහුආ පුවත් සේවය වාර්තා කර ඇත.

     

    මෙම අමතර මුදලින් මෙම රටවල්වල අමතර දේශීය හා විදේශීය සෞඛ්‍ය සේවකයන් යෙදවීමටත් එබෝලා ආසාදිත වීමෙන් වළක්වා ගැනීමට ප්‍රජා මූලික සෞඛ්‍ය තත්වය උසස් කිරීමටත් හැකියාව ලැබෙන බව ලෝක බැංකුව ඊයේ (18) ප්‍රකාශ කළේය.

     

    ඉබෝලා වෛරසය දිගින් දිගටම මෙම රටවල පැතිරීමත් අසල්වැසි රටවලට ළඟා වීමත් සිදුවුවහොත් 2015 වසර අවසානයේ වසර 02ක කලාපයේ මූල්‍යමය තත්ත්වය ඩොලර් මිලියන 32.6ක පසුබෑමකට ලක්වීමට සිදුවන බව පෙරාතුව ලෝක බැංකු විශ්ලේෂණ පෙන්වා දී ඇත.

     

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනාවරණය කළ දත්ත වාර්තා අනුව පසුගිය සිකුරාදා (14) වන විට ඉබෝලා පැතිර පවතින රටවල් ලෙස හඳුනාගෙන ඇති රටවල් 08 හි ඉබෝලා ආසාදිත තත්ත්ව 14,413ක් හා ඉබෝලා රෝගීන්ගේ මරණ 5,177ක් වාර්තා වී ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya