අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වූෂූ තරගයෙන් බදුල්ලට ජාත්‍යන්තර ජයග්‍රහණයක්

    නොවැම්බර් 19, 2014
    පසුගියදා පැවැති 10 වන ජාත්‍යන්තර ෂැවොලින් වූෂූ තරගාවලියේ (Taolu)  ඉසව්වෙන් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් ද දිනාගනිමින් ශ‍්‍රී ලංකාවට ජගත් කීර්තියක් ගෙන ඒමට බදුල්ලේ සජිත් චන්දන වීරසිංහ ක‍්‍රීඩකයා සමත් විය.
     
    වසර දෙකකට වරක් පැවැත්වෙන ජාත්‍යන්තර ෂැවොලින් වූෂූ තරගාවලිය මෙවර චීනයේ ෂෙනෑන් ප‍්‍රාන්තයේ දී ෂෙන් ෂෝ නගරයේ දී පැවැති අතර චීනයේ ෂැවොලින් ආරාමය එය සංවිධානය කර තිබිණි. 
     
    ලෝකයේ රටවල් හයක ක‍්‍රීඩක කණ්ඩායම් සහභාගි වූ එම තරගාවලිය සඳහා ඉදිරිපත්වූ 14 දෙනෙකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඌව පළාත නියෝජනය කළ එක ම ක‍්‍රීඩකයා සජිත් චන්දන ය.
     
    මෙම තරගාවලියේ Taolu ඉසව්වේ Nakgun කාණ්ඩයෙන් දෙවන ස්ථානය හා තායිජි කුවාන් කාණ්ඩයෙන් තෙවන ස්ථානය ද සජිත් චන්දන විසින් දිනාගනු තැබීය.
     
    වසර 20 ක පමණ කාලයක් මෙම ක‍්‍රීඩා ක්ෂේත්‍රයේ නිරත ව සිටින සජිත් මේ වන විට ශ‍්‍රී ලංකා පාසල් වූෂූ සංගමයේ විනිසුරුවරයෙකු හා වූෂූ පුහුණුකරුවෙකු ද වෙයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya