අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත්වූවන් වෙනුවෙන් විදෙස් නායකයෝ සොව පළ කරති

    නොවැම්බර් 01, 2014

    ශී‍්‍ර ලංකාවේ නාය යෑමෙන් සිදු වී ඇති විපත් සම්බන්ධයෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය කනගාටුව ප‍්‍රකාශ කර ඇත.


    නායයෑමට ලක් වූ ප‍්‍රදේශයේ වැඩි වශයෙන් ජීවත් වන්නේ ඉන්දීය සම්භවයක් සහිත වතු ජනතාව බව ද අගමැතිවරයා සිහිපත් කර ඇතැයි පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කර තිබේ.

    මියගිය පිරිස වෙනුවෙන් ශෝකය ප‍්‍රකාශ කරන අගමැතිවරයා තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ද නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ප‍්‍රාර්ථනා කර සිටී.

    මේ අතර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සංවේගය පළ කර ඇත.

    ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකාවක වන යෙන් සාකි සඳහන් කර ඇත්තේ විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ඇමෙරිකානු රජය පියවර ගන්නා බවයි. එමෙන් ම මාල දිවයින් ජනාධිපතිතුමා ද ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය අය වෙනුවෙන් සිය ශෝකය පළ කර ඇත.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya