අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    SLC ආයතනයෙන් එංගලන්තයෙන් ක්‍රීඩා මනෝ වෛද්‍ය උපදේශකවරයෙක් කැඳවයි

    ඔක්තෝබර් 31, 2014

    2015 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සඳහා මනෝ වෛද්‍ය උපදේශකවරයෙකුගේ සහය ලබාගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සාකච්ඡා පවත්වමින් සිටියි.

    ඒ අනුව එංගලන්ත ජාතික දඟපන්දු යවන්නෙකු වන ජෙරමි ස්නැප් මහතා (Jeremy Snape) ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු සැලසුම් කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇත.

     

    හිටපු ඉන්දීය පන්දු රැකීමේ පුහුණුකරු ටෙ‍්‍රවර් පෙනී මහතා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිල වෙනුවෙන් පුහුණුකාර තනතුරතට පත්කර ගැනීම සඳහා සාකච්ඡා පවත්වා ඇත.

     


    ජෙරමි ස්නැප් මහතා ශ්‍රී ලංකා එංගලන්ත සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පිලට සහය දැක්වීමට දිවයිනට පැමිණීමට නියමිත නමුත් එළඹෙන ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා පිලට මනෝ මනෝ වෛද්‍ය උපදේශන සහය ලබා දෙනවාදැයි තවමත් නිශ්චිත තීරණයක් නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.

     
    ස්නැප් මහතා සිය ක්‍රීඩා දිවියේ එංගලන්ත පිල නියෝජනය කරමින් එක් දින තරග 10ක් සහ එක් T20 එක් තරගයක් ද අමතරව පළමු පෙළ තරග 121ක්ද ක්‍රීඩා කර ඇත. ඔහු ක්‍රීඩා මනෝ වෛද්‍ය උපදේශනය පිළිබඳ ආචාර්ය උපාධියක් ද ලබා ගෙන ඇති අතර එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ අයි.පී.එල්. හා බිග් බෑෂ් ලීග් වෙනුවෙන් මනෝ වෛද්‍ය උපදේශන සේවා ලබා දී ඇත.

     

    පෙනී මහතා ඉන්දීය පන්දු රැකීමේ පුහුණුකරු තනතුරෙහි 2011 සිට 2014 දක්වා සේවයේ නියුතු වූ අතර කොල්කටා නයිට් රයිඩර්ස් ඉන්දීය පිල වෙනුවෙන් ද සිය සේවය ලබා දී ඇත. පෙනී මහතා ශ්‍රී ලංකා පිලෙහි පන්දු රැකීමේ පුහුණුකරු තනතුර සඳහා බඳවා ගැනීමේ අවසාන සාකච්ඡාව පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කෙරේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya