අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ගණිත තරගයේ පදක්කම්ලාභීන් ඇගයේ

    ඔක්තෝබර් 30, 2014
    21වැනි ජාත්‍යන්තර ගණිත තරගයෙන් විශිෂ්ඨ ජයග්‍රහණ පිහිපයක් අත්කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එම කණ්ඩායම හා පුහුණුකරුවන් පිළිගැනීමේ අවස්ථාවක් පසුගිය දින උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කොට තිබුණි.
     
    ඉදිරියේ දී මෙබදු ක්‍රියාකාරකම් සඳහා අනුග්‍රහය සපයන බවට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු විය. 
     
    පදක්කම්ලාභීන්ට මුදල් ත්‍යාග ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය. ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලයේ රිදී පදක්කම්ලාභී ජී.ආර්.බී.ආර්. ගම්ලත් සිසුවා වෙත රුපියල් 150,000ක්, ලෝකඩ පදක්කම්ලාභී ආර්.එම්.ටී.බී. රත්නායක සිසුවා වෙත 100,000ක් වශයෙන් මුදල් ත්‍යාග පිරිනැමිණි. 
     
    මොරටුව විශ්වවිද්‍යාලයේ එච්.ඒ.ආර්.ටී. විජේසේකර සහ කොළඹ විශ්වවිද්‍යාලයේ එම්.එෆ්.එම්. සබ්‍රී සිසුන් දෙදෙනා විසින් ගෞරව සම්මාන දිනාගැනීමෙන් කණ්ඩායම වෙනුවෙන් කරන ලද මෙහෙවර ද එහි ලා ඇගයීමට ලක් විය.
     
    උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, අතිරේක ලේකම් පියසේන රණේපුර මහත්වරු මෙන් ම පුහුණුකිරීමේ කටයුතු කළ කොළඹ විශ්වවිද්‍යාලයීය ගණිත අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සනත් බොරළුගොඩ, අනුරාධ මහසිංහ සහ ජයන්තා සුරනිමලි ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    ජුලි මස 29දින සිට අගෝස්තු 04දා දක්වා බල්ගේරියාවේ බ්ලගොව්ග්‍රැඩ් නුවර පැවැත්වුණු මෙම තරගයෙන් රිදී පදක්කමක්, ලෝකඩ පදක්කමක් සහ ගෞරව සම්මාන දෙකක් දිනාගැනීමෙන් මොරටුව විශ්වවිද්‍යාලීය සිසුහු තිදෙනෙක් සහ කොළඹ විශ්වවිද්‍යාල සිසුවෙක් ලාංකේය අභිමානය සනිටුහන් කළහ.
     
    ඒ අනුව ලෝකයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල ඇතුළු රටවල් 51ක සහභාගිත්වයෙන් සැදුම් ලත් කණ්ඩායම් 73කින් 49වැනි ස්ථානය ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya