අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක‍්‍රීඩා නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමය වෘත්තීය ක‍්‍රියාමාර්ගයෙන් ඉවත් වෙයි

    ඔක්තෝබර් 25, 2014

    සමස්ත ලංකා ක‍්‍රීඩා නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමය ඉකුත් 20දා සිට ක‍්‍රියාත්මක කළ වෘත්තීය ක‍්‍රියාමාර්ගයෙන් ඉවත් වීමට තීරණය කරයි.

     

    2006 වැටුප් චක‍්‍රලේඛවලට අනුව වැටුප් සංශෝධනය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය ආරම්භ කළ අතර උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා සමඟ පෙරේදා (23) පැවති සාකච්ඡාවකින් පසු අදාළ වෘත්තීය ක‍්‍රියාමර්ගය අත්හැරීමට තීරණය කළ බව සමස්ත ලංකා ක‍්‍රීඩා නිලධාරීන්ගේ වෘත්තීය සංගමයේ සභාපති බී.වී.ආර්. ජයලාල් මහතා ඊයේ (24) අනුරාධපුරයේ දී ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසීය.

    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා, ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර අදාළ ක්‍රීඩා සංගමයට ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් ලබා දෙන බවත් ගැටලුවලට විසඳුම් ලබා දීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බවත් සඳහන් කිරීම හේතුවෙන් අදාළ වෘත්තීය ක‍්‍රියාමාර්ගය අතහැර ඉදිරියේ දී රාජකාරියේ යෙදීමට කටයුතු කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

    මෙවැනි ගැටලු සහගත තත්ත්වයක් හටගෙන ඇත්තේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරියගේ ක‍්‍රියා කලාපය හේතුවෙන් බව ද ජනාධිපතිතුමා පිළිබඳ ව තමන්ගේ දැඩි විශ්වාසයක් තිබෙන අතර ගැටලු නිරාකරණය කිරීමට මැදිහත් වූ ප‍්‍රධාන ඇමැතිවරයාට තම සංගමයේ ස්තූතිය පුද කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.

    තම සංගමයේ පළාත් සභා 09හි රාජකාරියෙහි නියුතු ක‍්‍රීඩා නිලධාරීන් හයසියවිසිපස් දෙනා වෙනුවෙන් ඉදිරියේ දී සාධාරණයක් ඉටුවේ යැයි යන විශ්වාසය මත වෘත්තීය ක‍්‍රියාමාර්ග අත් හරින බව ද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya