අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෙවීම් මාලාවක්

    මාර්තු 21, 2014

    ආසියානු කුසලානය දිනා ගැනීම නිමිත්තෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂයක විශේෂ ප්‍රසාද දීමනාවක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ(13) පැවති විධායක නිලධාරීන්ගේ රැස්වීමේදී මේ තීරණය ගෙන ඇත.




    මෙට අමතරව ක්‍රිකට් ක්‍රීඩකයන්ට අදාල තවත් ගෙවීම් කිහිපයක්ද මෙහිදී තීරණය කොට ඇත.

    බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට සහභාගීවීම වෙනුවෙන් කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ පහක් ගෙවනු ලැබේ. එහි අවසන් තරඟයට තේරුණහොත් තවත් ඇමරිකානු ඩොලර් දෙලක්ෂ පනස්දාහක්ද, අවසන් මහ තරගය ජයග්‍රහණය කළහොත් ඒ වෙනුවෙන් තවත් ඩොලර් දෙලක්ෂ පනස්දාහක්ද ප්‍රදානය කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි.

    2015දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් හත්ලක්ෂ පනස්දාහක්ද, අවසන් පූර්ව වටයට තේරුණහොත් තවත් ඇමරිකානු ඩොලර් දෙලක්ෂ පනස් දාහක්ද, අවසන් වටයට තේරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් දෙලක්ෂ පනස් දාහක්ද, අවසන් මහ තරඟය ජයග්‍රහණය කළ හොත් තවත් ඇමරිකානු ඩොලර් හත්ලක්ෂ පනස්දාහක්ද ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

    එමෙන්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ පැවැත්වෙන 2014 විස්සයි විස්ස තරගාවලියට සහභාගීවීමසහභාගී වීමට නියමිතය. එම තරගාවලියේදී අවසන් පූර්ව වටයට තේරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් පනස්දාහක්ද, අවසන් වටයට තේරීම වෙනුවෙන් තවත් ඇමරිකානු ඩොලර් විසිපන්දාහක්ද, අවසන් මහ තරඟයෙන් ජයග්‍රහණය කළ හොත් තවත් ඇමරිකානු ඩොලර් විසිපන්දාහක්ද ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තීරණය කරයි.

    SP/LI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya