අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉබෝලා මරණ සංබ්‍යාව 4500ට ආසන්න වේ - WHO

    ඔක්තෝබර් 17, 2014

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්ත වාර්තා පෙන්වන පරිදි ඉබෝලා වෛරසය පැතිර ඇති රටවල් 7 තුළ නව ආසාදිත තත්ත්ව 8,997ක් වාර්තා වී ඇති අතර ඉබෝලා රෝගී මරණ 4,493ක් වාර්තා වී ඇත. මෙම වාර්තාවට ආසාදිත සෞඛ්‍ය සේවකයින් 427ක් හා සෞඛ්‍ය සේවක මරණ 236ක් ඇතුළත්ය.

    ගිනියාව, ලයිබීරියාව, නයිජීරියාව, සෙනෙගල්, සියෙරා ලියොන්, ස්පාඤ්ඤය සහ ඇමරිකාව යන ඉබෝලා වෛරසය පැතිර ඇති රටවල්වලින් මෙම දත්ත වාර්තා වී ඇති බව WHO පවසයි.

     

    ඉබෝලා මර්දනය සඳහා ජාත්‍යන්තර ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බෑන් කී මූන් මහතා ඊයේ (16) ප්‍රකාශ කර ඇත. එක්සත් ජාතීන්ගේ ඉබෝලා මර්දනය සඳහා පිහිටවූ මූල්‍ය අරමුදලේ වත්මන් තත්වය ඩොලර් බිලියන 1ක‍ට සීමා වී ඇති බවත් එය සංවිධානයේ ඉබෝලා මර්දන මෙහෙයුම් සඳහා ප්‍රමාණවත් නොවන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    ඉබෝලා වෛරසය පැතිරීම දැවැන්ත ‍ප්‍රශ්නයක් බවට පත් ව ඇති මේ කාල සීමාවේ එය මැඬ පැවැත්වීම සඳහා විශාල ජාත්‍යන්තර සහයක් විශේෂයෙන් වෛද්‍යවරු, හෙදියන්, සෞඛ්‍ය උපකරණ, ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ මූල්‍යමට දායකත්වය අත්‍යවශ්‍ය බවත් ඔහු එම ප්‍රකාශයේදී අවධාරණය කර ඇත.



    මේ අතර ඇමරිකා එක්සත් රාජධානියේ ජනාධිපති බැරක් ඔබාමා මැතිතුමා විශේෂ අවස්ථා සඳහා යොදා ගනු ලබන හමුදා බලකායක් බටහිර අප්‍රිකාවේ ඉබෝලා මර්දනය සඳහා කැඳවා ඇති බව ඊයේ (16) එක්සත් ජනපදයේ මාධ්‍ය වාර්තා කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya