අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි

    අප්‍රේල් 16, 2014

    ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා දෘශ්‍යාබාධිතවූවන්ගේ ජාතික කණ්ඩායම් අතර පවත්වන අන්තර් ජාතික එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (17) මහනුවර, පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වේ.


    අන්තර්ජාතික එක්දින තරග 5කින් යුත් මේ තරගාවලියේ දෙවැනි තරගය ලබන 19දා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද තෙවැනි තරගය ලබන 20දා මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද සිව්වැනි හා පස්වැනි තරග ලබන 22 හා 25 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වේ. මෙම තරගාවලියේ සියලු තරග නොමිලේ නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලැබේ.

     
    2013 දී බැංග්ලෝරයේ පැවැති ලෝක දෘශ්‍යාබාධිවූවන්ගේ ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ ජාතික ක්‍රිකට් කණ්ඩායම තෙවැනි ස්ථානය දිනා ගන්නා ලදී.


    ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන් සිවුදෙනෙකුම 2009 එල්ටීටීඊ ත්‍රස්තවාදය නිමා කළ අවසන් මානුෂික මෙහෙයුමේදී ආබාධවලට ලක්වූවන් වේ.


    තරගයට එක් ව සිටින ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් පිල:
    චන්දන කුමාර (නායක), චමින්ද පුෂ්පකුමාර (උපනායක), ඩී. රවීන්ද්‍ර, කේ. ලක්මාල්, සමන් කුමාර, එස්. ගුණවර්ධන, ඩී. චමින්ද, එම්. ජයසිංහ, සී. දේශප්‍රිය, තිලක් ද සිල්වා, දිමුත් පෙරේරා, නුවන් තරංග, ඩී.ආර්. කරුණාතිලක, උපුල් සංජය, රුවන් වසන්ත, කේ.බී.ආර්. ජයරත්න, ඩී.ඩී.එන්. මතුගම, කල්‍යාන් කුමාර, ප්‍රදීප් සමීර, සුරංග සම්පත්, මධුසංඛ ලේකම්ගේ,  දිනේෂ් කුමාර,


    කණ්ඩායමේ කළමනාකරු ලෙස යූ. ප්‍රියන්ත, පුහුණුකරු ලෙස ජගත් රාජපක්ෂ සහ සහය පුහුණුකරු ලෙස නලින්ද ධර්මසිරි මහත්වරු කටයුතු කරති.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya