මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ෆොක්‌ස්‌ හිල් සුපර් ක්‍රොස්‌ තරග 19 දියතලාවේදී

    අප්‍රේල් 16, 2014

    ෆොක්‌ස්‌ හිල් සුපර් ක්‍රොස්‌ යතුරු පැදි සහ මෝටර් රථ ධාවන තරග ලබන 19 වැනිදා දියතලාව නරියාකන්ද මෝටර් රථ සහ යතුරු පැදි ධාවන පථයේදී පැවැත්වීමට නියමිතව තිබේ.


    දියතලාව යුද හමුදා කඳවුරේ, යුද හමුදා විද්‍යාපීඨය (Sri Lanka Military Academy (SLMA) සහ ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය (Sri Lanka Auto-sports Drivers Association (SLADA) එක්‌ව මෙම ෆොක්‌ස්‌ හිල් තරගාවලිය සංවිධානය කරනු ලබයි.


    විසි දෙ‌වැනි වරටත් පැවැත්වෙන මේ තරගලියේ දී 2014 හොඳම මෝටර් රථ ධාවන ශූරයා මෙන් ම හොඳම යතුරු පැදි ධාවන ශූරයා තෝරනු ලබයි.


    මෙවර තරගවලට දෙස් විදෙස් රිය පදවන්නන් හා යතුරු පැදි ධාවකයන් 200 දෙනෙකු පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රධාන පෙළේ ඉන්දියානු ක්‍රීඩකයින් පස් දෙනෙකු දැනටමත් තරග සඳහා සහභාගී වන බව සහතික කර ඇත.


    මෝටර්රථ ධාවන තරග ඉසව් 12ක් සහ යතුරුපැදි ධාවන තරග ඉසව් 14ක් මෙවර‌ පැවැත්වීමට තරග සංවිධායකින් කටයුතු යොදා තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya