අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිලරි ක්ලින්ටන්ට සපත්තු ප්‍රහාරය එල්ල කළ කාන්තාවට නඩු

    අප්‍රේල් 15, 2014

    ඇමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් හිලරි රොඩම් ක්ලින්ටන් (Hillary Rodham Clinton) මහත්මියට සපත්තු ප්‍රහාරයක් එල්ල කළ ඇලිසන් මිෂෙල් අර්න්ස්ට් (Alison Michelle Ernst) නමැති කාන්තාවට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


    එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණයේ ලබන ජූනි 24 වැනිදා මෙම 36 හැවිරිදි කාන්තාවට එරෙහිව අපචාරී සහ ප්‍රචණ්ඩ හැසිරීම චෝදනා යටතේ නඩුවක් ගොනු කර තිබේ. චෝදනාවලට වැරදිකාරිය වුවහොත් ඇයට වසරක සිරදඬුවමක් හිමිවිය හැකි බව ද වාර්තා වේ.


    පසුගිය 11 වැනිදා ලාස්වේගාස් නුවර පැවැත්වුණු අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සහ කළමනාකරණය පිළිබඳ රැස්වීමක් අමතමින් සිටියදී ක්ලින්ටන් මහත්මියට මෙම සපත්තු ප්‍රහාරය එල්ල විය. මැන්ඩෙලේ බේ රිසෝට්හි (Mandalay Bay resort) පැවති රැස්වීම අමතද්දී එල්ල වුණු සපත්තු ප්‍රහාරය ක්ලින්ටන් මහත්මියගේ ඇඟේ නොවැදුණු අතර ඇය; අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය මෙතරම් ආවේගශීලි බව තමන් නොදැන සිටි පවසමින් දේශනය පවත්වා ඇත.

    Hillary Clinton


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya