අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයි.එස්. සටන්කාමීන් මර්දනයට ඔස්ට්‍රේලියාවෙන් සහය

    සැප්තැම්බර් 15, 2014

    අයි.එස්. සටන්කාමීන් මර්දනය කිරීමට සහය පළ කිරීම සඳහා 600ක භට පිරිසක්  යවන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබර්ට් මහතා පවසයි.

    අයි.එස්. සටන්කාමීන් මර්දනය කිරීමේ ජාත්‍යන්තර මෙහෙයුමට සිය රට ප්‍රධාන දායකත්වයක් සපයන බව ද ටෝනි ඇබර්ට් මහතා පවසා ඇත.

     

    එක්සත් අරාබි එමීර් රාජ්‍ය ටෝනි ඇබර්ට් මහතාගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙම සහය ලබා දුන් බවද ඒ මහතා ප්‍රකාශ කර ඇත.

     

    ඉරාකයේ සහ සිරියාවේ කි‍්‍රයාත්මක අයි.එස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන මෙහෙයුම් වලට සහය දීමට මැදපෙරදිග රටවල් 10 ඇතුළුව රටවල් 40 ක් කැමැත්ත පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

     

    එම රටවල සහභාගීත්වයෙන් අයි.එස් සටන්කාමීන්ගේ ත්‍රස්ත ක්‍රියා මර්දනය සඳහා අද (15) ප‍්‍රංශයේ දී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වේ.

     

    ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ඊට රටවල් 30ක පමණ නියෝජිතවරුන් එක්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya