අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්නිදිග ආසියානු මුහුදු සීමාවේ මුහුදු කොල්ලකරුවන්ගේ ප‍්‍රහාර ඉහළට

    අගෝස්තු 31, 2014

    සන්නද්ධ මුහුදු කොල්ලකරුවන් විසින් මලයාසියාවට ඔබ්බෙන් වූ මුහුදේදී තායිලන්ත ඉන්ධන ප‍්‍රවාහන නැවකින් ඉන්ධන සහ පෞද්ගලික භාණ්ඩ පැහැර ගනු ලැබ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

     

    පසුගිය බ්‍රහස්පතින්දා (28) රාත්‍රියේදී මලයාසියානු ටියොමාන් දිවයින ආසන්නයේ දකුණු චීන මුහුදේදී මෙම පැහැර ගැනීම සිදුව ඇති බව වාර්තා වේ.


    නැවේ කාර්යමණ්ඩලය එන්ජින් කාමරයට රැස්කොට අගුලු දමා කොල්ලකරුවන් නැවේ ප්‍රවාහනය කරමින් තිබූ තෙල් පැහැර ගෙන ඇති බව වාර්තා වේ.


    පසුගිය අපේ‍්‍රල් මාසයෙන් පසු මලක්කා සමුද්‍ර සන්ධිය ආසන්නයේදී මෙලෙස මුහුදු කොල්ලකරුවන්ගේ ප‍්‍රහාරයට ලක්  වූ දසවන නෞකාව මෙයයි.


    ඒ අනුව අග්නිදිග ආසියානු මුහුදු සීමාවේ මුහුදු කොල්ලකරුවන්ගේ ප‍්‍රහාර ඉහළ ගොස් ඇති බව කලාපයේ ප්‍රාදේශීය බලධාරීහු පවසති.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya