අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක් දින තරගාවලියෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

    අගෝස්තු 30, 2014

    අද (30) පැවති එක් දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානය සමඟ පැවති එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජයග්‍රහණය කළහ.


    රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද උදෑසන කාසියේ වාසිය දිනූ පකිස්තාන් කණ්ඩායම් නායක මිස්බා-උල්-හක් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.


    තරගය පන්දු වාර 48කට සීමා කෙරුණු අතර පකිස්තානු කණ්ඩායමේ ලකුණු 50 වනවිට පිතිකරුවන් 4 දෙනෙකු ආපසු හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.  කඩුලු පිළිවෙලින් 1-4, 2-14, 3-14, 4-47, 5-55, 6-73, 7-76, 8-77, 9-88 සහ 10-102 ලෙස දවාගනු ලැබුවේ පන්දුවාර 32.1 කදීය.


    පකිස්තාන පිලේ කිසිවෙකුට ලකුණු 50 සීමාව ඉක්මවා යා නොහැකි විය. තෙවැනි කඩුල්ල දැවීමෙන් පසු පිටියට පිවිස් ෆවාඩ් අලාම් හුදෙකලා සටනක නියැළෙමින් පන්දු 138 කදී නොදැවී ලකුණු 38ක් ලබා ගත්තේය.


    තිසර පෙරේරා විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දු වාර 8ක දී එක් නිලකුණු පන්දුවාරයක් සමඟ ලකුණු 34කට කඩුලු 4ක් දවාගනු ලැබිණි. ධම්මික ප්‍රසාද් කඩුලු 2ක් ද ලසිත් මාලිංග, රංගන හේරත් හා සීක්කුගේ ප්‍රසන්න එක් කඩුල්ල බැගින් ද ලබාගත්හ.


    ඩක්වර්ත් - ලුවිස් ක්‍රමය අනුව පන්දුවාර 48ක දී ලකුණු 101ක  ඉලක්කයක් ජයග්‍රහණය සඳහා ලබාගත යුතු බව තීරණය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 18.2 කදී ලකුණු 104ක් ලබාගත්තේ කඩුලු 3ක් අහිමි කර ගනිමිනි.


    තිලකරත්න ඩිල්ශාන් නොදැවී ලකුණු 50 (4-9) මහේල ජයවර්ධන ලකුණු 26 (4-3), උපුල් තරංග ලකුණු 14 (4-2), ද ලබාගත්හ.


    අද තරගයේ හොඳම ක්‍රීඩකයා ලෙස ද තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස ද තිසර පෙරේරා සම්මාන ලැබීය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya