අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජර්මනියේ කුලීරථවල ලංකාවේ සංචාරක ආකර්ෂණ දැන්වීම්

    අගෝස්තු 27, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ මඟපෙන්වීම යටතේ ලොව පුරා රටවල ශ්‍රී ලංකාව පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ක්‍රියාත්මක කර ඇත.
     
    මේ යටතේ ජර්මනියේ බර්ලින්, හැම්බර්ග්, මියුනිච් සහ ෆ්‍රැන්ක්ෆර්ට් (Munich and Frankfurt) නගර ආශ්‍රිත කුලී රථ 300ක සංචාරක ආකර්ෂණීය ගමනාන්තයන් ප්‍රචාරණය කෙරෙනු ඇත. සංචාරයක් බලාපොරොත්තු වන - ශ්‍රී ලංකාව යන තේමා පාඨය යටතේ කුලී රථවල බඳ දෙපස පසුපස ආසන කවර හා ලදුපත් මගින් මෙම ප්‍රවර්ධන කටයුතු සිදු කෙරේ.
     
    මේ යටතේ එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, කොරියාව හා ජපානය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ රටවල කුලී රථ 1200ක ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආකර්ෂණීය සංචාරක ගමනාන්තයන් පිළිබඳ ව ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya