අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සායිඩ් අජ්මාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂාවට

    අගෝස්තු 22, 2014

    පකිස්තානු පන්දු යවන්නෙකු වන සායිඩ් අජ්මාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂාවට ලක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

    ඒ අනුව එම පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා සංචාරයක නිරත වෙමින් සිටින අජ්මල් 25 වන සදුදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිළිගත් පහසුකම්වලින් යුක්ත ඔස්ට්‍රේලියා ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානය වෙත වාර්තා කිරීමට නියමිතය.


    මේ මාසයේ මුල් භාගයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අජ්මල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට අවධානය යොමු වී තිබිණි. ජාත්‍යන්තර වශයෙන් මෙවන් පරීක්ෂණයකට පෙනී සිටින දෙවන අවස්ථාව වන අතර මීට ප්‍රථම 2009දීද අජ්මල් මුහුණ දුන් මෙවන් පරීක්ෂණයෙන් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි හා පැහැදිලි බවට තහවුරු විය.



    අගෝස්තු 23 පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරග තුනෙන් පළමු වැන්න අජ්මල්ට මඟ හැරෙන අතර අගෝස්තු 27 පැවැත්වෙන දෙවන එක්දින තරගය සඳහා ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිතය.
     

    පසුගිය මාස දෙක තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු වන සචිත්‍ර සේනානායක සහ නවසීලන්ත ක්‍රීඩක Kane Williamson දෙදෙනාගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට පරීක්ෂණ පවත්වා ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya