මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉෆ්තාර් සමරයි

    ජූලි 28, 2014

    අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා හා ඇමරිකානු මුස්ලිම් ජාතිකයින් වෙනුවෙන් රාමලාන් ශුද්ධ වු මාසය තුළ ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික උපවාසය අත්හැරීමේ "ඉෆ්තාර්" උත්සවය වොෂින්ටනයේදී සමරන ලදී.



    විවිධ ප්‍රජා නායකයින්, ඇමරිකානු හා ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙය උත්සවාකාරයෙන් සමරන ලදී.
     

    අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා විසින් උත්සවය සඳහා සහභාගීවූවන් පිළිගනිමින් සියලුම ඉස්ලාම් බැතිමතුන්ට රාමලාන් සුභපැතුම් ප්‍රකාශ කරන ලදී. ශ්‍රී ලංකාව වැනි බහුවාර්ගික හා බහු සංස්කෘතික රටක මුස්ලිම් ජාතිකයින් පුරාණයේ සිට පැවත එන ඉතා වැදගත් ජන කොට්ඨාසයක් බව ප්‍රසාද් කාරියවසම් මහතා පැවසීය. මුස්ලිම් දේවස්ථාන, පන්සල් ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන, හින්දු කෝවිල් හා ක්‍රිස්තියානි පල්ලි ශ්‍රී ලංකාවේ බහුආගමික වටපිටාව පෙන්නුම් කරන අතර මෙම බහු ආගමිකයින් එකිනෙකාගේ විශ්වාසවලට ගරු කරමින් විවිධාකාර වූ ආගමික උත්සවයන්ට සහභාගී වෙමින් ජීවත් වීම සුවිශේෂී කරුණක් බව ප්‍රසාද් කාරියවසම් මහතා එහිදී තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

    උත්සවයේ ප්‍රධාන කථික වොෂින්ටනයේ ඉස්ලාම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක මහාචාර්ය අබ්දුල් කවුජ් මහතා රාමලාන් උත්සවයේ වටිනාකම් පිළිබඳ සහේතුක විවරණයක් සභාවට ඉදිරිපත් කරන ලදී. රාමලාන් ශුද්ධ වු මාසය තුළ සානුකම්පිතව ජීවත් වීම හා අවාසනාවන්ත බව අත්විඳීම පිළිබඳ අවබෝධකර ගැනීම අවශ්‍ය බව අබ්දුල් කවුජ් මහතා පවසන ලදී.

    ප්‍රජා නායක නසීර් අසීස් (Naseer Azeez) මහතා අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේ වෙසෙන ශ්‍රී ලංකා මුස්ලිම් සමූහය නියෝජනය කරමින් වොෂින්ටනයේදී "ඉෆ්තාර්" උත්සවය සැමරීම පිළිබඳව ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන්ට ස්තූතිය ප්‍රකාශ කරන ලදී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya