අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුදේශ් පීරිස්ට රිදී පදක්කමක්

    ජූලි 27, 2014

    පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝ ග්රෑම් 62 පංතියේ බර එසවීමේ ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ සුදේශ් පීරිස් එහි රිදී පදක්කම දිනාගෙන ඇත.


    2010 දිල්ලි නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදීද කිලෝ ග්රෑම් 62 පංතියේ බර එසවීමේ ඉසව්ව නියෝජනය කරමින් සුදේශ් පීරිස් ලෝකඩ පදක්කමක් දිනා ගන්නා ලදී. ඒ අනුව මෙම ඉසව්ව සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලවලදී බහු පදක්කම්ලාභී සිවු වැනි ක්‍රීඩකයා පීරිස් වේ.


    කිලෝ ග්රෑම් 273ක බරක් ඔසවා පීරිස් මෙම ඉසව්වේ දෙවන තැන දිනමින් රිදී පදක්කමක් දිනා ඇත. පීරිස්ට වඩා කිලෝ ග්රෑම් 3ක් ඉදිරියෙන් කිලෝ ග්රෑම් 276ක් එස වූ Dimitris Minasidis සයිප්‍රස් ජාතික ක්‍රීඩකයා මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර සැමෝවා ජාතික (Samoan) Vaipana Ioane විසින් මෙහි ලෝකඩ පදක්කමට හිමිකම් කියන ලදී.


    මෙවර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට එක්වූ ‍ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පදක්කම්ලාභී සුදේශ් පීරිස් වේ. මෙම ඉසව්ව පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දෙවන දිනයේදී (26) ස්කොට්ලන්ත ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී (Scottish Exhibition And Conference Centre) පැවැත්විණ.


    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya