අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති 20 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුබපතයි

    ජූලි 24, 2014
    පොදුරාජ්‍ය මණ්ඩලයීය වත්මන් සභාපතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි ඊයේ (23) ආරම්භ වූ 20 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනයේ සභාපති ගරු ටුන්කු ඉම්රාන් කුමරු  (His Royal Highness Prince Tunku Imran) වෙත සිය සුබපැතුම් එක්කළේය.


    "පොදුරාජ්‍ය මණ්ඩලයීය දින දර්ශනයේ මේ ක්‍රීඩා උළෙල සුවිශේෂී අංගයක් වන අතර ලෝකයේ නන්දෙසින් පැමිණෙන ක්‍රීඩකයන් එකම ස්ථානයකට ගෙන එති" යනුවෙන් ජනාධිපතිතුමාගේ පණිවිඩයේ සඳහන් විය.

     

    "මිත්‍ර ක්‍රීඩා උළෙල  (Friendly Games) ලෙස හැඳින්වෙන මේ ක්‍රීඩා උත්සවය විවිධත්වයෙන් යුතු පොදුරාජ්‍ය මණ්ඩලයීය පවුලෙහි මිත්‍රත්වයේ සහ එකමුතුකමේ සංකේතයක් වේ."

     

    තරගයට සහභාගි වන සියලුම කණ්ඩායම් වෙත සිය සුභාශිංසන එක් කළ ජනාධිපතිතුමා, පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගවලියේදී දස්කම් දක්වන ක්‍රීඩකයන්, ඔලිම්පික් වැනි වඩාත් පුළුල් වූ ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා උළෙලවලදී කැපීපෙනෙන දස්කම් දක්වන බව සඳහන් කළේය.

     

    ඉම්රාන් කුමරු වෙත යවන ලද පණිවිඩයේ ක්‍රීඩාවේ සුව කිරීමේ ගුණය පිළිබඳව ද ජනාධිපතිතුමා අදහස් දැක්වීය.  " ක්‍රීඩාවේ ඇති මේ සුවකිරීමේ ගුණය නිසා පොදුරාජ්‍ය මන්ඩලයීය රටවල ජනතාවට මේ තරගාවලිය තවත් වැදගත් වේ. ජනතාව අතර සංහිඳියාව සහ එකමුතුකම වර්ධනය කිරීමේදී ක්‍රීඩාව ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බැවින් ත්‍රස්තවාදයේ විලංගුවලින් මෑත කාලයේදී මිදුණු රටක් හැටියට ශ්‍රී ලංකාවේ අපි ක්‍රීඩාවේ මෙම ගුණය හොඳින් හඳුනන බව" ද එහි සඳහන් වේ. 

     

    NDH/pmu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya