මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාසා ගැටුම්වලින් පලස්තීනයේ මරණ 500 ඉක්මවයි

    ජූලි 22, 2014

    පලස්තීන ‘හමාස්’ සටන්කරුවන් සහ ඊශ්‍රායලය අතර ගාසා තීරයේ සිදුවන ප්‍රහාරවලින් ඊයේ (21) වනවිට පලස්තීනයේ 548 දෙනෙකු මරදමා ඇති බව විදෙස් වාර්තා පවසයි.

     

    ගාසාහි අල් අස්කා මාර්ටිර්ස් (al-Asqa Martyrs) රෝහලට ඊයේ ඊශ්‍රායල් ප්‍රහාර එල්ල වී තිබේ. ඉන් පස් දෙනෙකු මියගොස් 15 දෙනෙකු තුවාල ලබා ඇත. ඊශ්‍රායලය මේ වනවිටත් නොකඩවා ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටී. අද (22) උදෑසන විදෙස් වාර්තා පවසන්නේ හමාස් සටන්කරුවන් ඊශ්‍රායල් හමුදාවේ 40ක් ඝාතනය කර ඇති බවයි.


    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද ඊයේ හදිසි හමුවක් පවත්වා ඇති අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා සාම වැඩපිළිවෙළක් රැගෙන කයිරෝ වෙත පැමිණෙන බව ද විදෙස් වාර්තා පවසයි.


    බහුතරයක් දරුවන් සහ කාන්තාවන් ඇතුළු සාමාන්‍ය ජනතාව ඊශ්‍රායල් ප්‍රහාරවලට ගොදුරු වී තිබේ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් පවසා ඇත්තේ තමා මෙන් ම සෙසු ලෝක නායකයන් කරන ලද ඉල්ලීම් නොසලකා ඊශ්‍රායලය ගාෂා තීරයට පහර දෙන අතර දරුවන් සහ සාමාන්‍ය වැසියන් මේ ප්‍රහාර නිසා ඝාතනයට පත් වන බවය.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya