මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රිතාන්‍යයේ 26වැනි ක්‍රිකට් සැණකෙළිය

    ජූලි 21, 2014
    බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික එකමුතුව විසින් 26වැනි වරටත් සංවිධානය කළ මහා ක්‍රිකට් සැණකෙළිය ලාංකිකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (20) මර්චන්ට් ටේලර් පාසල් ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
     
    මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පහළොස් දහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සඳහා පාසල් 28ක ක්‍රිකට් ක්‍රීඩකයෝ සහභාගි වුහ.
     
    ජාති, ආගම් වශයෙන් නොබෙදි මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සුහද හමුවක් වශයෙන් වාර්ෂිකව පවත්වනු ලබන මෙම ක්‍රිකට් සැණකෙළියට සමගාමීව ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යංශය සහ ජනාධිපති මාධ්‍ය අංශය එක්ව පවත්වනු ලබන පිබිදෙන ශ්‍රී ලංකා නමින් ඡායාරූප ප්‍රදර්ශනයක් ද එක්කර තිබුණි. උතුරු හා නැගෙනහිර පැවැති ගැටුම්කාරී වාතාවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ හා සංවර්ධන වටපිටාව එයින් මනාව පිළිඹිමු කර තිබුණි.
     
    මෙම ක්‍රිකට් සැණකෙළියේ ප්‍රධාන ආරාධිතයින් වශයෙන් හැරෝ නගරාධිපති අජේ මාරෝ (Ajay Maru), ත්‍රී රිවර් නගරාධිපති ක්‍රිස් ලොයිඩ්, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස්, අමාත්‍ය උපදේශක සේපාල රත්නායක, ලංකා බැංකු සභාපති හර්ෂ අබේවික්‍රම සහ ක්‍රිකට් සැණකෙළියේ මෙවර සභාපති සිසිර පෙරේරා මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    26වන වරට පැවැත්වු මෙම ක්‍රිකට් සැණකෙළිය වෙනුවෙන් මෙවර අනුග්‍රහය දැක්වුයේ ලංකා බැංකුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ජාතික ලොතරැයි මණ්ඩලයයි.
     
    DB
     
    UK cricket festival 1
     
    UK cricket festival 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya