අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට ජය

    ජූලි 21, 2014

    ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකානු පිළ ලකුණු 153ක ජයග්‍රහණයක් ලැබීමට සමත් විය.

    ලකුණු 370ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව ඊයේ පස්වැනි දින තරගයේ සවස තේ පානයට පෙර ලකුණු 216කට දැවී ගියේ දකුණු අප්‍රිකානු පි‍ලේ වේග පන්දු යවන ඩේල්ස්ටෙයින් හා මෝනෙ මොකල්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ කඩුලු බිඳ වැටීමෙනි. ඔවුන් දෙවැනි ඉනිමේ මුහුණ දුන්නේ ඕවර 71යි පන්දු 3කට පමණි. ස්ටෙයින් හා මෝකල් ශ්‍රී ලංකා කඩුලු 20න් 16ක්ම බිඳ දැමූහ.

     

    තරගයේ වීරයා බවට පත්වූ ස්ටෙයින් සමස්ත තරගයේදී ලකුණු 99කට කඩුලු 9ක් ලබා ගත් අතර මෝකල් ලකුණු 78කට කඩුලු 7ක් ලබා ගත්තේය. දෙවැනි ඉනිමේදී ස්ටෙයින් ලකුණු 45කට කඩුලු 4ක් ලබා ගනිද්දී මෝකල් ලකුණු 29කට කඩුලු 4ක් ලබා ගත්තේය. ඩේල් ස්ටෙයින්ගේ පන්දු යැවීම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වේග පන්දු යවන්නෙකු වෙතින් වාර්තා වූ හොඳම පන්දු යැවීම විය.

     

    දකුණු අප්‍රිකානු පිල ප්‍රථම ඉනිමට කඩුලු 9ට ලකුණු 455 ලබාගත් අතර ශ්‍රී ලංකා පිල ප්‍රථම ඉනිමේදීද සාර්ථක පිතිහරඹයක් නොපෙන්වා සියලු දෙනා ලකුණු 292කට දැවී ගියේය. දකුණු අප්‍රිකානු පිල ලකුණු 163ක ප්‍රථම ඉනිමේ වාසියක් සහිතව පිටියට පිවිස දෙවැනි ඉනිමට කඩුලු 6ට ලකුණු 206ක් ලබා ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

     

    දෙවන ටෙස්ට් තරගය ජූලි 24 දා කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වීමට නියමිතය.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya