අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවුරුදු 19 න් පහළ බාලක වොලිබෝල් කණ්ඩායමක් මියන්මාරයට

    මාර්තු 26, 2017

    ආසියානු වොලිබෝල් සම්මේලනය මගින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාලක වොලිබෝල් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

    මියන්මාරයේ නයි පෙයි තෝ නගරයේ දී ලබන 28 දින සිට අප්‍රේල් 05 දින දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අනුමැතිය අනුව ක්‍රීඩකයින් 12 දෙනෙකු හා නිලධාරීන් 05 දෙනෙකු සහභාගි වේ.

    මෙම කණ්ඩායමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී  සුබපැතුම් එක් කළේය.

    ඒ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාත්තන්ඩිය ධම්මිස්සර විදුහලේ ජේ.ඒ. මහේල ඉන්දීවර බණ්ඩාර, එම්. යොහාන් සනුක, ජේ.ආර්.මලීෂ රවිශාන් ජයවර්ධන සිසුන් ද වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහලේ එච්.එම්.දමිඳු රසන්ජන පීරිස්, කේ.ටී. චමෝද් මලීෂ සේනාධීර, ජේ.එම් නුවන් තාරක, එස්.ඒ.සජිත් රොෂාන් මධුභාෂණ පෙරේරා යන සිසුන් ද , සීදුව දවිසමර විදුහලේ එම්.ඒ. දිනිදු රුචින්ත ලක්ෂාන් තිසේරා, එම් ඩබ්ලිව්. පසිඳු සඳරුවන්, යූ.කේ. දිලංක මධුරංග යන සිසුන් ද රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ කේ.බී.එස්.ඩී. ජයරත්න හා මීගමුව මාරිස්ටෙලා විදුහලේ ජී.කවීන් තිවංක සිල්වා යන සිසුන් ද සහභාගි වීමට නියමිතයි.

    මීට අමතරව කළමනාකරු කාන්තසිරි පී. මීගමුවගේ, ප්‍රධාන පුහුණුකරු චමින්ද ලක්ෂ්මන් කුමාර, සහය පුහුණුකරු පී තාරක රත්නවීර, අභ්‍යාසක පී.කේ. උපේන්ද්‍ර පෙරේරා සහ විනිසුරු යූ.එස්.එන්. සේනාරත්න යන නිලධාරීන් ද මෙම තරගාවලියට එක් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya