අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩී.බී.නිහාල්සිංහයන්ගේ "වැලිකතර" ඩිජිටල් කරණය වී නැවතත් සිනමාවට

    මාර්තු 24, 2017

    ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ මහතා විසින් නිර්මාණය කරන ලද "වැලිකතර" චිත්‍රපටය ඩිජිටල් කරණය වී නැවතත් සිනමාවට පිවිසෙන බව ස්වාධීන රූපවාහිනියේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා පැවසීය.

    සභාපතිවරයා මේ බව පැවසුවේ අද (24) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
    ඩී.බී නිහාල්සිංහ මහතාගේ පවුලේ අය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම චිත්‍රපටය පළමු පිටපත ඒ ලෙසින් ම ආරක්ෂා වන පරිදි ඩිජිටල් සත්කාරයෙන් ප්‍රතිසංස්කරණය කර ඇත. මදුරාසියේ ප්‍රසාද් චිත්‍රාගාරයේ  තිබූ මෙම චිත්‍රපටය නෙගටිව් තත්ත්වයෙන් ලබාගැනීමට පැවති දුෂ්කරතාවය හේතුවෙන් එය පොසිටිව් ලෙස ලබාගෙන මෙසේ ප්‍රතිස්කරණය කළ බව නිහාල්සිංහ මහතාගේ බිරිද වන වෛද්‍ය කල්‍යාණි නිහාල්සිංහ මහත්මිය පැවසුවාය.
     
     
    දැනට ඩිජිටල් කරණය කර ඇති චිත්‍ර පට අතුරින් නිධානය චිත්‍රපටය ප්‍රංශ රජය මගින් ඩිජිටල් කරණය කර ඇති නමුත්, එය ලංකාවට ගෙනවිත් ප්‍රදර්ශනය කිරීමට විශාල වැය බරක් දැරීමට සිදුවන බැවින් එය මෙරටදි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නොමැති බව මෙම අවස්ථාවට එක් වූ  ප්‍රවීණ සංස්කරණ ශිල්පී රවින්ද්‍ර ගුරුගේ මහතා පෙන්වා දුන්නේය. එමෙන් ම ඒ මහතා තවදුරටත් පැවසුවේ, ලාංකේය චිත්‍රපට අතරින් දැනටමත් මුල් තත්ත්වය ආරක්ෂා කර ගනිමින් නිධානය, රේඛාව, වැලිකතර යන චිත්‍රපට ඩිජිටල් කරණය කර ඇති බවයි. ධර්මසිරි බන්ඩාරණායක ගේ "හංසවිලක්" චිත්‍රපටය ඉදිරියේදී ඩිජිටල් කරණය කිරීමට කටයුතු යොදා ඇති බවද ඔහු කීය. 
    මෙසේ ඩිජිටල් කරණය කිරීම තුළින් අතීත පරිසර තත්ත්වයන්, භාෂාව භාවිතය, අඳුම්පැළදුම් හා සමාජ පසුබිම  පිළිබඳ ව අවබෝධයක් ලබාගත හැකි වනු ඇති බවද රවින්ද්‍ර ගුරුගේ මහතා වැඩිදුරටත් පැවසීය. 
    මෙම අවස්තාවට එක් වූ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතා පැවසුවේ, 1965 -1967 කාල පරාසය තුළ නිෂ්පාදනය කරන ලද මෙම වැලිකතර චිත්‍රපටය ඉතා දැවැන්ත චිත්‍රපටයක් වන බවයි. විශේෂයෙන් ම ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රථම සාමාන්‍යාධිකාරී වශයෙන් නිහාල්සිංහ මහතා සේවය කළ කාලය මෙරට  සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස හැදින්විය හැක.
     
     
    ශ්‍රී ලංකාවේ බිහිවූ පළමු සිනමාස්කෝප් චිත්‍රපටය වන වැලිකතර ඩී.බී.නිහාල් සිංහ මහතා ගේ විශිෂ්ට නිර්මාණයක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය. දැනට ජීවතුන් අතර නොමැති වුවත් නිහාල්සිංහ, ගාමිණී ෆෝන්සේකා, ජෝඅබේවික්‍රම යන  මහත්වරුන්ගේ සුවිශේෂී දක්ෂතාවලින් කළඑළි දුටු වැලිකතර  චිත්‍රපටය ඩිජිටල් චිත්‍රපටයක් ලෙසින් ලබන අප්‍රේල් මාසයේ දී තිරගත කෙරේ. 
    මෙම චිත්‍රපටය ප්‍රදර්හනය කිරීමට මූලික වී ඇත්තේ ෆෝඉන්වන් ආයතනයයි. එහි අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රේම් දිසානයාක මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya