Print this page

පොලිසියට තරග ජයක්

පෙබරවාරි 07, 2017

2017 ඩයලොග් ලීග් ඒ කොටසේ රගර් තරගාවලියේ තරගයක්  පසුගිය 5 වැනි දා දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනයේදි පැවැත්විණ.

එහිදි පොලිස් රගර් කණ්ඩායම සමඟ යුධ හමුදා රගර් කණ්ඩායම තරග වැදුන අතර පොලිස් කණ්ඩායම ලකුණු 27 ට 21 ක් ලෙස තරගය ජයග්‍රහණය කර ඇත.

මේ අවස්ථාවේදි පොලිස් කණ්ඩායම දඩුවම් පහර 02 ක් සහ ගෝල දිනුම් 03 ක් ලබාගත් අතර කණ්ඩායම් 08 ක් තරග වදින මෙම තරගාවලියේ මීළඟ තරගය 2017.02.11 වන දින CR & FC කණ්ඩායමත් සමඟ පොලිස් ක්‍රීඩාංගනයේදී තරග වැදිමට නියමිතයි.