මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති කුසලාන ආරාධිත පාපන්දු තරගාවලිය ජනපති ප‍්‍රධානත්වයෙන්

    ජනවාරි 23, 2017

    දිවයිනේ පාසල් 20ක් අතර පැවති ජනාධිපති කුසලාන ආරාධිත පාපන්දු තරගාවලිය -2017 ත්‍යාග ප‍්‍රදානෝත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්විණි.

    ජනාධිපති කුසලාන පාපන්දු තරගාවලියේ ජයග‍්‍රහණය හිමිකරගත් කොළඹ 12, හමීඩ් අල් හුසේන් විද්‍යාලයට හිමි කුසලානය ජනාධිපතිතුමා විසින් පාපන්දු කණ්ඩායමේ නායක මොහොමඩ් අමාන් සිසුවා වෙත මෙහිදී ප‍්‍රදානය කළේය.

    ජයග‍්‍රාහී කණ්ඩායමේ සියලුදෙනා වෙත ජයග‍්‍රාහී පදක්කම් පැළැඳවීම ද සිදුවූයේ ජනාධිපතිතුමා අතිනි.

    මේ අවස්ථාවට අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති “Abdul hamid Abdul Fattah Kazim Al Mulla” , විදුහල්පති එම්.එස්.එම්. ෆයිසාල්, ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ඩී. සිල්වා, යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya