අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාක්ෂණයත් සමඟ දරුවන්ට ක්‍රීඩාව අත්‍යවශ්‍යයි - ඇමැති අර්ජුණ රණතුංග

    ජනවාරි 23, 2017

    තාක්ෂණයත් සමඟ දරුවන්ට ක්‍රීඩාව අත්‍යවශ්‍ය බව වාරය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

    වේයන්ගොඩ මාරපොළ මහා විද්‍යාලයේ පැවති 10 වැනි සේව් ද ස්පෝර්ට්ස්  ක්‍රීඩා පුහුණු කඳවුරට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    “අපි කුඩා කාලයේ ක්‍රීඩාංගණයට ගිහින් සෙල්ලම් කළා. ක්‍රිකට් ගැහුවා, වොලිබෝල් ගැහුවා, පාපන්දු බැට්මින්ටන් සෙල්ලම් කළා. ටින් කැඩුවා. අද වනවිට මේ දරුවෝ ඒවා දන්නවද දන්නෙත් නැහැ. අද හැම කෙනෙක්ම තාක්ෂණයට ගැතිවෙලා. පරිගණකය, ටැබ් එක, නැත්නම් ටෙලිෆෝන් එක පස්සෙන් යනවා. මේ තුළින් තමන්ගේ වටිනා කාලය පුටුවක ඉඳගෙනම ගත කරනවා. මහන්සි නොවන තත්ත්වයටකට පත්වෙලා තියෙනවා. පසුගියකාලේ අපිට වැරදුණ තැන එතනයි.

     

    තාක්ෂණය අපිට අවශ්‍යයි. තාක්ෂණයෙන් තොරව අපිට ලෝකයට යෑම අපහසුයි. නමුත් තාක්ෂණය නිසා ක්‍රීඩාව ඉවතට දැම්මොත් එහි ඵල විපාක පසුව දැනෙන්න ගන්නවා. ඒ නිසා තමයි අධ්‍යාපන අමාත්‍යාංශයත්, ක්‍රීඩා අමාත්‍යාංශයත් එකතුවෙලා හැම දරුවෙකුටම උදය වරුවේ ව්‍යායාම කිරීම සඳහා කාලයක් වෙන් කරලා තියෙන්නේ.

     

    අපි දන්නවා ව්‍යයාම හෝ ක්‍රීඩා කිරීමට සුදුසු සවස් කාලය. උදය වරුවේ ක්‍රීඩා කළාම දරුවන් දහඩිය දාගෙන පන්ති කාමරයට යන්නේ. අවසාන කාල පරිච්ඡේදයට එය යෙදුවොත් දරුවන්ට පුළුවන් වෙනවා තවත් පැය කිහිපයක් වැඩිපුර ක්‍රීඩාවේ යෙදෙන්න. අපේ දරුවන්ට වටිනාකමක් ලැබෙන්නේ ක්‍රීඩාව නිසයි. දරුවෝ සමහර වෙලාවට තමන්ගේ දක්ෂතාව හඳුනාගෙන නැහැ. ඒ දක්ෂතා හඳුනාගන්න තමයි අපි රජයක් ලෙස මහන්සි විය යුත්තේ. මට පුළුවන් වුණා 1996 ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දෙන්න. අපිට හිටියේ රටට ආදරේ කරන, මුදල් පස්සෙන් නොයන, රට ගැන හිතන ක්‍රීඩකයෝ 14 දෙනෙක්. අපේ එකම අරමුණ වුණේ අපි ක්‍රීඩා කරන ඕනම තරගයක් කෙසේ හෝ ජයග්‍ර‍ණය කිරීමයි. පරාජය වුණාම එය පිළිගන්නත් අපිට හැකියාව තිබුණා."

     

    මෙම  පුහුණු කඳවුරට ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල්, මල්ලවපොර සහ බැඩ්මින්ටන් ක්‍රීඩා ඇතුළත් වූ අතර කදවුරට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමද සිදු කෙරිණ. පාසලට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ ප්‍ර‍දානය කිරීම අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතින් සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya