අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල බෝගම්බරදී

    දෙසැම්බර් 08, 2016
     
    දිස්ත්‍රික් රාජ්‍ය සේවක ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් ප්‍රදානය හා උළෙලේ සමාප්තිය අද සවස 4.00ට  මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
    මහනුවර දිස්ත්‍රික් රාජ්‍ය සේවක ක්‍රීඩා උළෙල පසුගියදා බෝගම්බර ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්වුණී.
     
    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා  ක්‍රීඩා අමාත්‍යාංශයේ මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා ඒකකය එක්ව මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කරනු ලබයි.   
     
    මහනුවර දිස්ත්‍රික්කයේ  රජයේ රෝහල්, තැපැල්, බන්ධනාගාර,  පොලිස්, පළාත් අමාත්‍යාංශ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතත,  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  ඇතුළු රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් මෙම ක්‍රීඩා උළෙල සදහා සහභාගි වේ. 
     
    AP/DMU-Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya