මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාපැදි ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීන රේසි පාපැදි

    දෙසැම්බර් 04, 2016

    මෙවර 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ, පාපැදි තරගයේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන්ට නවීනතම රේසිං පාපැදි ප්‍රදානය කිරීම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් පසුගියදා සිදු කෙරිණි.

    ක්‍රීඩා අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව මෙම වසරේ සිට ජාතික මහා ක්‍රීඩා උළෙලේ ස්ටෑඩට් පාපැදි තරගාවලියේදී ජයග්‍රහණය ලබන ක්‍රීඩකයින් තිදෙනාට සහ ක්‍රීඩිකාවන් තිදෙනාට නවීනතම රේසිං පාපැදි ලබා දීමට ගත් තීරණය අනුව මෙම ප්‍රදානය සිදු කර තිබේ.

     

    ඒ අනුව මෙම වසරේ ජයග්‍රහණ ලබාගත්  ක්‍රීඩයන් වන ඩබ්.ලහිරු මධුෂංක, උදය ක්‍රිෂාන්ත, නිලන්ත දිල්ෂාන් සහ ක්‍රීඩිකාවන් ලෙස එස්.ඒ.දයානි සූරියආරච්චි, කේ.එල්.සුභාෂිනී , එල්.එම්.සදමාලි යන පිරිස මෙම ප්‍රදානයන් ලබා ගත්හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya