අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා ගුරුවරුන් 5,000ක් බඳවාගැනීමට පියවර

    නොවැම්බර් 26, 2016

    පාසල් දරුවන්ගේ සමබර පෞරුෂ සංවර්ධනය ඇති කිරීම සඳහා  ඉදිරියේ දී ක්‍රීඩා ගුරුවරුන් 5,000 ක් බඳවාගැනීමට  පියවර ගෙන ඇති බවත් එහිදී අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව ක්‍රීඩා කුසලතාවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන බවත්  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අධ්‍යාපන අමාත්‍යාංශයත් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ව, දිවයිනේ සියලු පළාත් සභාවන්ගේ ද සහයෝගය ඇතිව පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා හඳුනාගනිමින් එම කුසලතා සංවර්ධනය කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද ‘අධිෂ්ඨාන’ ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත‍ාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    ඒ මහතා ප්‍රකාශ කළේ ජාතික මට්ටමේ හා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයන් ගුරුවරුන් ලෙස බඳවාගැනීමට හැකිවන පරිදි සුදුසු නිර්ණායක සකස්කරමින් ඒ අනුව අදාළ බඳවාගැනීම් සිදු කරන බවයි. මෙසේ බඳවාගන්නා ක්‍රීඩා ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය ඇති කිරීම සඳහා විධිමත් ගුරු පුහුණුවක් ලබාදීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

     


    යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති නව විෂයන් 24 අතරට ක්‍රීඩා විෂය ද ඇතුළත් කර ඇති බවත්, නිරෝගී දරුවකු පාසල් පද්ධතියෙන් බිහිකිරීම වෙනුවෙන් සෑම පාසල් දරුවකුම කුමන හෝ ක්‍රීඩාවක නිරතවීම අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. එස්. රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස් සුනිල් හෙට්ටි ආරච්චි, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ඩී. එම්. ආර්. බී. දිසානායක , අධ්‍යාපන අමාත්‍ය උපදේශක සුනිල් ජයවීර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya