මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික යෞවන ක‍්‍රීඩා උළෙල බදුල්ලේදී....

    සැප්තැම්බර් 19, 2016
    ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන 28 වැනි ජාතික යෞවන ක‍්‍රීඩා උළෙල මෙම සැප්තැම්බර් මස 23 24 හා 25 යන දිනයන්හිදී බදුල්ල වින්සන්ට් ඩයස් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ.
    විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම ක‍්‍රීඩා උළෙල ආරම්භ කෙරෙන අතර සමාප්ති උළෙල අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. 
     
    මේ සඳහා දිවයිනේ දිස්ත‍්‍රික්ක 26 ම නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 3000 ක් පමණ සහභාගි වීමට නියමිතය. 
     
    මීට පෙර වර්ෂ 2009 දී ද ජාතික යෞවන ක‍්‍රීඩා උළෙල බදුල්ල වින්සන්ට් ඩයස් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර මෙවරද ජාතික තරුණ සේවා සභාවේ ඌව පළාත් කාර්යාලය මෙහි සත්කාරක හා සංවිධාන කටයුතු සිදුකරන බව ජාතික තරුණ සේවා සභාවේ බදුල්ල දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්‍ෂ සරත් නන්දතිලක මහතා පැවසීය
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya