මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචනය ජනපති ප්‍රදානත්වයෙන්

    සැප්තැම්බර් 06, 2016
    නව රජයට වසරක් පිරීම නිමිත්තෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ වසරක ප්‍රගතිය හා ඉදිරි දැක්ම පිළිබඳ සමාලෝචනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සැමරුම් උත්සවයක් හෙට (07) පෙ.ව.9.00 ට ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
     
    සැමරුම් උත්සවයේ දී ඩන්කන් වයිට් පිළිරුව විවෘත කිරීම, ක්‍රීඩා අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරය "ඩන්කන් වයිට් ශ්‍රවණාගාරය" නම් කිරීම, ජාත්‍යන්තර දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් සඳහා ත්‍යාග මුදල් පිරිනැමීම, වසර 25ක සේවය සම්පූර්ණ කළ පළාත් ක්‍රීඩා නිලධාරීන් 34 දෙනෙකු සඳහා රන් පවුම් ප්‍රදානය කිරීම සිදුවේ.  
     
    "ශතකයක් දුර බලා දශකයක වැඩ කෙරූ වසරක් ගෙවී ගිය වගයි" තේමාව යටතේ මෙම සැමරුම් උත්සවය පැවැත්වේ.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya