අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැලේසියානු මහ කොමසාරිස්වරයාට එල්ල කළ ප්‍රහාරය රජය හෙළා දකී

    සැප්තැම්බර් 06, 2016
    මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට එල්ල කළ ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය ශ්‍රී ලංකා රජය දැඩිලෙස හෙළා දකින බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    මේ වන විට මහ කොමසාරිස්වරයා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටී. මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට පසුගිය 04දා ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී පුද්ගලයන් කණ්ඩායමක් විසින් පහරදී ඇති බවට වූ වාර්තා විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර ඇත.
     
    ක්වාලාලම්පූර්හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, වැරදිකරුවන් හඳුනා ගැනීම සඳහා සහ විමර්ශන කටයුතුවලට සහාය ලබාදීම සඳහා මැලේසියාවේ නීතිය බලාත්මකිරීමේ බලධාරීන් හා මීට අදාළ වෙනත් බලධාරීන් සමඟ කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටියි.  
     
    ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය, මෙම සිදුවීමේ බරපතලකම අවබෝධ කරගන්නා අතර මේ සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ගතයුතු සියලු පියවර ගනු ලබමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya