මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රිකට් ක්‍රීඩාව දීපව්‍යාප්ත කිරීමේ නව සැලස්මක්

    සැප්තැම්බර් 01, 2016

    ක්‍රිකට් ලෝක කුසලානය නැවත වරක් දිනාගැනීමට හැකි පරිදි, ශක්තිමත් ජාතික ක්‍රිකට් කණ්ඩායමකට අවශ්‍ය ක්‍රීඩකයින්  පාසල් ක්‍රිකට් ක්‍රීඩාව හරහා බිහිකිරීමට පියවර ගෙන ඇති බවත් ඒ සඳහා දිගු කාලීන සැලසුමක් අනුව සකස් කළ වැඩසටහන් රාශියක් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් අධ‍‍‍‍‍‍්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පාසල් 19 න් පහළ  ක්‍රිකට් කණ්ඩායම ලැබූ ජයග්‍රහණයට සුබ පැතීමේ හා තිළිණපත් ප්‍රදානය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පසුගියදා පැවති උත්සවයේ දීය.

     

    එංගලන්තය පරදා ශ්‍රී ලංකා පාසල් 19 න් පහළ  ක්‍රිකට් කණ්ඩායම ලැබූ ජයග්‍රහණය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි පිම්මක් බවට පරිවර්තනය කර ගත යුතු බව පැවසූ අමාත්‍යවරයා, දැනට ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල්වලට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව කටයුතු සිදු කරන බවත් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ හැකි සෑම පාසලකටම ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති බව ද සඳහන් සඳහන් කරයි.

     

    සනත්, මුරලි, මහේල, සංගක්කාර, ඩිල්ෂාන් වැනි දක්ෂ  ක්‍රීඩකයින් විශ්‍රාම ගත් විට ඒ අඩුව වඩා හොඳින් පිරවිය හැකි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් දැයට දායාද කිරීමේ වැඩිම අවකාශය පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළ පවතින බව ද සිහිපත් කළ අමාත්‍යවරයා, එම වගකීම ඉටුකිරීම වෙනුවෙන් තමන් නිරන්තරයෙන් කැපවන බව ද සඳහන් කළා.

     

    මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ක්‍රිකට් පමණක් නොව සියලුම ක්‍රීඩා දියුණු කිරීමේ වැඩසටහන් රාශියක් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට දිගු කාලීන හා කෙටි කාලීන සැලසුම් අනුව කටයුතු කරන බවත් පාසල් ක්‍රීඩාවල විනය ආරක්ෂා කිරීමට උපරිම කටයුතු යොදන බවත් අවධාරණය කළා.

     

    පසුගිය සමයේ මෙන් නොව ක්‍රීඩකයින් තේරීමේ කටයුතුවලට දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ දුන් නිසා සැබෑ දක්ෂයන්ට තමන්ගේ හැකියාවන් අනුව ඉදිරියට පැමිණ, රටට ජයග්‍රහණයක් ගෙන දීමට හැකි වී ඇති බව ද  අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා 19 පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු, පුහුණුකරුවන් හා සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya