අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ කබඩි තරඟ සැප්තැම්බර් 01 දා ඇරඹේ

    අගෝස්තු 31, 2016
    42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කබඩි තරඟ සැප්තැම්බර් 01 වනදා පෙ.ව. 9.00 ට උතුරු මැද පළාත් ක්‍රීඩා අමාත්‍ය එස්.එම් රංජිත් මහතාගේ හා පළාත් අමාත්‍යංශ ලේකම්, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ඇතුළු ආරාධිතයන්ගේ  සහභාගිත්වයෙන්  අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී ආරම්භ කිරීමට නියමිතය.
    මෙම තරඟ සැප්තැම්බර්  01 දා සිට 04 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර මෙම තරඟාවලියට දිස්ත්‍රික් 9 නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා වශයෙන් කණ්ඩායම් 18ක් ඉදිරිපත් වී සිටිති.
     
    මෙහිදී පිරිමි තරඟ සැප්තැම්බර් 01 සහ 02 යන දිනයන්හි පවත්වනු ලබන අතර කාන්තා තරග සැප්තැම්බර් 03 සහ 04 යන දිනයන්හි පැවැත්වීමට සැළසුම් කර ඇත.
     
    ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා ක්‍රීඩා අමාත්‍යංශය එක්ව ක්‍රීඩා උළෙල  සංවිධානය කර ඇත.
     
    AP 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya