අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඓතිහාසික ජයක්

    අගෝස්තු 18, 2016
    ටෙස්ට් ක්‍රිකට් පිටියේ මේ වන විට අංක එක ස්ථානයේ පසුවෙන කණ්ඩායම වන ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ඔස්ට්‍රේලියාවට එරෙහිව පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) සමත් විය.
     
    ඒ එස්.එස්.සි. පිටියේ නිමාව දුටු මෙන්ම දෙරට අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 163 ජයක් ලබමිනි.  ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරග තුනම ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
     
    ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණ තුනක් වාර්තා කර ඇති අතර ඒ බංග්ලාදේශය, පාකිස්තානය හා කොදෙව්වන්ට එරෙහිවය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya