අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පදක්කම් සටහනේ ඇමෙරිකාව තවදුරටත් ඉදිරියෙන්

    අගෝස්තු 16, 2016
    2016 රියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ පදක්කම් සටහනේ රන් පදක්කම් 26ක් ලබාගනිමින් ඇමෙරිකාව පෙරමුණ ගෙන සිටී.
     
    ඇමෙරිකාව රන් පදක්කම් 26ක්, රිදී පදක්කම් 23ක් සහ ලෝකඩ පදක්කම් 26ක් සමගින් මුඑ පදක්කම් 75ක් ලබා සිටී. දෙවැනි ස්ථානයේ පසුවන බ්‍රිතාන්‍ය රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 08ක් සමග මුඑ පදක්කම් 41ක් ලබාගෙන ඇත. තුන්වැනි ස්ථානයේ පසුවන චීනය රන් පදක්කම් 15ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 17ක් සමග මුඑ පදක්කම් 46ක් ලබාගෙන ඇත.
     
    එමෙන් ම මෙවර තරගාවලියේ තනි ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ලබාගත් වැඩිම රන් පදක්කම් ගණනකට හිමිකම් කියමින් පළමු ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදයේ මයිකල් පෙල්ෆ්ස් (Michael Phelps) විසින් හිමිකරගෙන ඇත. ඒ  රන් පදක්කම් 05ක් සහ රිදී පදක්කම් 01 ලබාගනිමිනි. දෙවැනි ස්ථානය එක්සත් ජනපදයේ ම කැතී ලිඩෙකි (Katie Ledecky)ට හිමි වී ඇත. ඇය රන් පදක්කම් 04ක් සහ එක් රිදී පදක්කමක් හිමි කරගෙන ඇත. තුන්වැනි ස්ථානයේ පසුවන හංගේරියානු ක්‍රීඩිකාවක් වන කතින්කා හෝසු (Katinka Hosszú) රන් පදක්කම් 03ක් සහ එක් රිදී පදක්කමක් හිමිකරගෙන ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya