අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා අමාත්‍යවරයා ඔලිම්පික් සඳහා සහභාගී වන රටවල් නියෝජනය කරන ක්‍රීඩා අමාත්‍යවරුන් හමුවෙයි

    අගෝස්තු 08, 2016
    ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ නුවර කොරකාඩෝ හි ක්‍රිස්තුස් වහන්සේගේ  පිළිරුව අසල පැවති  ඔලිම්පික් සඳහා සහභාගිවන රටවල්වල  නියෝජනය කරන සියළුම ක්‍රීඩා අමාත්‍යවරුන් හමුවීමේ අවස්ථාවට සහභාගී විය .එහිදී බ්‍රසීලයේ ක්‍රීඩා අමාත්‍ය ලියනාඩෝ පිකියානි මහතා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාව ඉතා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී. 
    එම අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා ජපන් රජයේ ටෝකියෝ ඔලිම්පික් සහ ජාතික පැරා ඔලිම්පික් අමාත්‍ය තමායියෝ මරුකාවා මහත්මිය හමුවිය. එහිදී 2020 වසරේදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරඟාවලිය සම්බන්ධවද  සාකච්ඡා විය. 
     
    2020 ඔලිම්පික් සඳහා  ශ්‍රී ලංකාව තුළ  නොයෙක් දක්ෂතා ඇති දරුවන් ඔලිම්පික් දක්වා පුහුණු කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් එම වසරේදී ඔලිම්පික් තරඟාවලියට සහභාගී කරවීමට කටයුතු කරන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya