අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැරාලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 07ක්

    අගෝස්තු 08, 2016
    ලබන සැප්තැම්බර් මස 07දා සිට 18දා දක්වා බ්‍රසීලයේ රියෝ ද ජැනැයිරෝ නගරයේ පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලිය නියෝජනය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැරා ජාතික සංගමය විසින් නම් කර තිබේ.
     
    මලල ක්‍රීඩකයන් 06 දෙනෙකු හා එක් මලල ක්‍රීඩිකාවක් ද රෝදපුටු ටෙනිස් හා දුනු විදීම සඳහා ක්‍රීඩකයන් දෙදෙනෙකු ද මෙවර කණ්ඩායමට තේරී ඇති අතර අතිරේක මලල ක්‍රීඩකයන් දෙදෙනෙකුද දැනට පැරාලිම්පික් ජාතික කණ්ඩායමට නම් කර ඇති බව පැරා ජාතික සංගමය පවසයි.
     
    පැරාලිම්පික් ජාතික කණ්ඩායම තේරීමේ අවසන් තේරීම් තරග පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති අතර අවසන් තේරීම් තරග නිරීක්ෂණය සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya