අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගය ඔක්තෝම්බර් 02දා

    අගෝස්තු 07, 2016
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වාර්ෂික ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගය වන  LSR  Colombo Marathon  තරගාවලිය  16 වැනි වරටත්  එළඹෙන ඔක්තෝම්බර් 02දා කොළඹ සිට මීගමුව දක්වා පැවැත්වීමට නියමිතය. මේ වසරේ දී විවිධ වයස් මට්ටම් හි තරගකරුවන්  7,500 ට අධික සංඛ්‍යාවක් මෙම තරගය සඳහා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    ගෝලීය දිගු දුර ධාවන තරග අතර ප්‍රධාන තරගාවලියක් වන  LSR Colombo Marathon  ලෝකය පුරා ඇති ධාවන තරග 110 ක් අතුරින් 56 වැනි තරග සංවිධානය බවට පත්ව ඇති අතර  එය ජාත්‍යන්තර  මැරතන් සහ දිගු දුර තරග  සංගමයේ (Association of International Marathons and Distance Races) නිත්‍ය සාමාජිකයෙකු වශයෙන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම් ද ලබා ඇත. එසේම මෙම තරගාවලිය මලල ක්‍රීඩා පදනම් ජාත්‍යන්තර සංගමයේ (International Association 
    of Athletic Federations (IAAF) පිළිගැනීමට පාත්‍ර වී ඇත.
     
    ශ්‍රීලංකන්  ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “මෙම LSR Colombo Marathon තරගාවලිය සඳහා කොටස්කරුවෙකු වීමට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගම  ආඩම්බර වන බවයි. 
     
    මෙම LSR Colombo Marathon තරගාවලිය  ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාර මෙහෙයවන ආයතනයක් වන ලංකා ස්පෝට්රයිසන් විසින්  සංවිධානය කරන අතර  ජාතික ගුවන් සේවාව වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහාය මීට  හිමිවේ. 
     
    මෙම වසරේ මැරතන් තරගාවලිය සඳහා රටවල් 40  විදේශ තරගකරුවන් 200 අපේක්ෂා කරයි. මෙම තරගය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන් ආරම්භ කර බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල සහ හැමිල්ටන් ඇල මාර්ගය අසළ ඇති මුතුරාජවෙල වගුරු බිමේ සුන්දරත්වය අත්විඳිමින් පමුණුගම, තලාහේන, පිටිපන සහ දූව හරහා මීගමුව වෙරළ ආසන්නයට තරග කළ යුතුවේ. 
     
    මේ සඳහා වැඩිදුර විස්තර සඳහා   http://colombomarathon.com/cm_2015/Registration වෙත පිවිසිය හැක.
     
    කාන්තා සහ පිරිමි සම්පූර්ණ මැරතන් තරගාවලියේ (Full Marathon) ජයග්‍රාහකයන්ට  ඇමරිකානු ඩොලර් 2,500 බැගින් හිමිවන අතර තවත් තෑගි රැසක් ද හිමිවේ.  
     
    මෙම තරගාවලිය සඳහා බස්නාහිර පළාත් සභාව, ක්‍රීඩා අමාත්‍යාංශය, මලල ක්‍රීඩා සංගමය, කොළඹ මහ නගර සභාව, මීගමුව මහ නගර සභාව, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය ආයතනවල සහාය ද හිමිවේ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya