අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැනඩා විදේශ ඇමති අද දිවයිනට

    ජූලි 27, 2016

    කැනඩා විදේශ අමාත්‍ය ස්ටිවන් ඩියෝන් මහතා අද (27) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

    කැනඩා විදේශ අමාත්‍යවරයා හෙට (28) විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.


    අනතුරුව ඒ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතවරු පිරිසක් හමුවීමට ද නියමිතය.

     

    සිකුරාදා යාපනයේ චාරිකාවක යෙදෙන කැනඩා විදේශ අමාත්‍යවරයා එහිදි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඇතුළු උතුරු පළාතේ ජනතා නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇත.

    කැනඩා විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රි ලංකාවේ චාරිකාවක යෙදෙන්නේ වසර 13කට පසුවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya