අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයෙන් නිවේදනයක්

    ජූලි 14, 2016

    පිලීපීනයේ ඉල්ලීමකට අනුව ස්ථාපනය කල දකුණු චීන මුහුදු බේරුම් අධිකරණය පසුගිය 12 වැනි දා ඉදිරිපත් කළ තීන්දුව සම්බන්ධයෙන් චීන මහජන සමූහණ්ඩුවේ විදේශ අමාත්‍යංශය රාජ්‍ය නිළ ප්‍රකාශනයක් නිකුත් කරයි.
    එම තීන්දුව අවලංගු බවත් එය බාර නොගැනීම‍ මෙන්ම පිළි නොගන්නා බවත් චීනය ප්‍රකාශ කරයි.


    එකල පැවැති පිලිපීන ආණ්ඩුව 2013 ජනවාරි මස 22 වනදා ඒකපාර්ශවිකව චීනය හා පිලිපීනය යන දෙර‍‍‍ට අතර දකුණු චීන මුහුදු පරස්පරතා බේරුම් අධිකරනය වෙත ඉදිරිපත් කළේ ය.


    2013 පෙබරවාරි මස 19 වනදා චීන ආණ්ඩුව නිළ වශයෙන් ප්‍රකාශ කළේ එම ‍බේරුම්කරණයට සහභාගි නොවන අතර එය දෙන තින්දුව පිළි නොගන්නා බවයි.


    ඒ ස්ථාවරය චීන රජය යළි යළිත් අවධාරණය කළේය.


    2014 දෙසැම්බර් මස 7වනදා පිලිපීනය ඉදිරිපත් කල දකුණු චීන මුහුදු බේරුම්කරණයේ පරිපාලන අයිතිවාසිකම් පිළිබඳව චීන මහජන සමූහණ්ඩුවේ ස්ථාවරය පිළිබඳ ලේඛනය චීනය නිකුත් කළේ ය.


    පිලිපීනය ඉදිරිපත් කළ බේරුම්කරණය,  චීන පිලිපීන එකගතා සහ එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය මෙන්ම ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියාමර්ග උල්ලංඝනය කරන බව එම ලේඛනයේ සඳහන් වෙයි.


    වසර 2015 ඔක්තෝම්බර් මස 29 වනදා එම බේරුම් අධිකරණයට පරිපාලන අයිතිය හිමි වන බව පවසා ඊට මැදිහත් වීම භාර ගන්නා බව තීන්දු ක‍ළේ ය.


    ඒ තීන්දුව බලයක් නොමැති අවලංගු එකක් බව චීන රජය කඩිනමින් ප්‍රකාශ කරමින් දැඩි ලෙස ඒ ස්ථාවරයේ නියැළි සිටීයේය.


    හිතාමතාම පිලිපීනය ඒකපාර්ශවිකව බේරුම්කරණය ඉදිරිපත් කළේ චීනයට හිමිව තිබූ දේශභූමි සවාධිපත්‍යය හා සාගර අයිතිවාසිකම් උල්ලංගනය කරමිනි.


    චීනය අතර මතභේද නිරාකරණය කිරීමෙන් ‍තොරව හා දකුණු චීන මුහුදු සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමෙන් තොරව පිලිපීනය එම ක්‍රියාව සිදු කළේය.


    චීන පිලිපීන ගැටුම් විසඳා ගැනීම සඳහා එළඹූණු පොදු එකඟතාව වැරදි ලෙස තේරුම් කර ගනිමින් බේරුම්කරණ අධිකරණය අදාළ සත්‍ය තොරතුරු සොයා බලා නීතීමය පදනමකින් තොරව මේ තින්දුව ලබාදි ඇති බව චීනය පෙන්වා දෙයි.


    බේරුම්කරණ අධිකරණ තීන්දුව දැඩි ලෙස ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියාමාර්ගය උල්ලංඝනය කරන අතර  එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය පිළිබඳ අඛණ්ඩතාව හා ගෞරවය කඩකරමින් ගැටුම් සාමාකාමීව විසඳා ගැනීමේ බලාපොරොත්තුවට සම්පූර්ණයෙන් ම විරුද්ධ වන බව චීනය අව‍ධාරණය කළේ ය.


    ඒ හේතුවෙන් එම අවසාන තීන්දුව නීත්‍යානුකූළ නොවන බව චීනය පෙන්වා දෙයි.


    දේශභූමිය හා මුහුදු සීමා මයිම් වෙන් කිරීම සම්බන්ධයෙන් තුන් වැනි පාර්ශවයේ විසඳුම හෝ බලයෙන් යොමු කරන විසඳුම් යෝජනාව පිළි නොගන්නා බව චීන රජය අද නිකුත් කළ ප්‍රකාශනයෙන් යළි අවධාරනය කළේ ය.


    එක්සත් ජාතීන්ගේ ව්‍යවස්ථාවෙන් තහවුරු වන ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සම්බන්ධතා මූළධර්මය අනුගමනය කිරීමෙහි චීනය අඛණ්ඩව නියැළි සිටී.


    ජාතික ස්වාධිපත්‍යය හා දේශභූමි අඛණ්ඩතාව ගරු කරමින් සාමකාමී ලෙස ගැටුම් විසඳා ගැනීම පිළිබඳ මූලධර්මයන් ඊට අතුළත් වෙයි.


    සාගර සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් ගැටුම්වලට සෘජුව සම්බන්ධ පාර්ශවයන් ඉතිහාසයට ගෞරවයක් දක්වමින් ජාත්‍යන්තර නීති පදනම්කර ගනිමින් දකුණු චීන මුහුදු  පරස්පරතා සාකච්ජා මගින් නිරාකරණය කිරීම චීනයේ බලාපොරොත්තුව බව ද එම නිකුත් කළ ප්‍රකාශයේ සදහන් වෙයි.

     

    CRI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya