අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ජුජිට්සු සංගමයේ නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි

    ජූනි 29, 2016

    ශ්‍රී ලංකා ජුජිට්සු සංගමයේ  දකුණු ආසියානු ජුජිට්සු තරඟාවලියේදී පදක්කම් දිනාගත් ශ්‍රී ලාංකීය ජුජිට්සු කණ්ඩායම පසුගියදා ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා හමුවිය.

    එහිදී ශ්‍රී ලාංකීය ජුජිට්සු ජයග්‍රාහක ජයග්‍රහිකාවන්ට ක්‍රීඩා අමාත්‍යවරයා  සුභ පැතුම් පිරිනැමූ අතර කණ්ඩායමට ඉදිරියට අවශ්‍යවන සියළුම පහසුකම් ලබාදීමට තමන් කටයුතු  ප්‍රකාශ කර සිටියේය.

    දකුණු ආසියානු ජුජිට්සු තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අසන්ත කුමාර විජේසිංහ රිදී පදක්කමක් ලබාගත් අතර නන්දන ඩයස්, ලසන්ත ගුණවර්ධන, චමින්ද ජයලත්, ඩික්සන් ප්‍රදීප් සහ උදයංගනී පුෂ්පකුමාරි යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් ලබාගෙන ඇත.

    මෙම අවස්ථාවට දකුණු ආසියානු ජුජිට්සු සංගමයේ අධ්‍යක්ෂ සුරේෂ් ගෝපි සහ ශ්‍රී ලංකා ජුජිට්සු සංගමයේ සභාපති කිත්සිරි සොයිසා යන මහත්වරුන් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya