අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “Info Cricket Champions – 2016” ජුනි 9 සහ 10 දෙදිනදී

    මැයි 30, 2016

    රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන “Info Cricket Champions – 2016” සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය     ජුනි මස 09 සහ 10 යන දෙදින නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

    මේ සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන 30 ක් පමණ සහභාගී වන අතර Info Cricket Champions – 2016 තරඟාවලියෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට කුසලානය සමඟ මුදලින් රුපියල් 50,000 ක් ද, අනුශූරතාවයට කුසලානය සමඟ මුදලින් රුපියල් 25,000 ක් හිමි වේ.

     

    යුනිලීවර් සමාගමේ ලයිෆ්බෝයි  අනුග්‍රහයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු සුබ සාධක සංගමය හා ක්‍රීඩා සංගමය ඒකාබද්ධව සංවිධානය කරන මෙම තරගාවලියේ සමාරම්භක උළෙල ජුනි මස 09 වෙනි දින පෙ.ව.8.00 ට පැවැත්වේ.

     

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මියගේ ආරාධනයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය  අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන හා අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ, යන මහත්වරු ඇතුළු මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී  වීමට නියමිතය.

     

    මීට සමගාමීව ජුනි මස 10 වෙනි පැවැත්වීමට නියමිත කාන්තා ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහිකාවන්ට කුසලතා පිරිනැමීමටද නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya