මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Info Cricket Champions – 2016 ජුනි 9 සහ ‍10 දෙදින

    මැයි 15, 2016

    සැහැල්ලු පන්දු ක්‍රිකට් කුසලාන Info Cricket Champions – 2016 තරගාවලිය ජුනි මස 09 සහ 10 යන දිනයන්හිදී කොළඹ ශාලිකා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.



    මෙහි සමාරම්භක උත්සවය ජුනි මස 09 වෙනි දින පෙ.ව.8.00 ට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය  අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය  නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වේ.

    රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලියට ජනමාධ්‍ය ආයතන 30 ක් පමණ සහභාගී වීමට නියමිතයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ක්‍රීඩා  අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම තරගාවලිය සංවිධානය කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya