මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධ සහිත පුද්ගලයන් සඳහා ශරීර සුවතා වැඩසටහනක් හෙට රුහුණු විශ්වවිද්‍යාලයේ දී

    මැයි 12, 2016
    මාතර දිස්ත්‍රික්කයේ සිටින ආබාධ සහිත පුද්ගලයන්ගේ ශරීර සුවතාව වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන ශරීර සුවතා වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට (13) පෙ.ව.8.30ට රුහුණු විශ්වවිද්‍යාල ක්‍රීඩාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
     
    දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි වයස අවුරුදු 14 - 40ත් අතර 200කට අධික ආබාධ සහිත පුද්ගලයන් පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී වනු ඇත.
     
    සමාජසේවා දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සමාජ සේවා අංශය වැඩසටහන සංවිධානය කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya